වාරකන් නිසා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකම මුහුදු රළ ගොඩබිමට පැමිණෙයි - Stacking of the Galle Sea

 



 දකුණු මුහුද ආශ්‍රිතව විටින් විට ඇතිවන ප්‍රබල සුළං තත්ත්වය සමග මුහුදු රළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගාල්ල නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.
ගාල්ල සමුද්‍ර මාවත, වරාය පොලිසිය සහ වරාය මේ වන විට අඩි 02ක් ඉක්මවා මුහුදු ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. 
මුහුදු රළ පහර සමග පැමිණි වැලි සහ අපද්‍රව්‍ය මාර්ගය පුරා විසිරී ඇති අතර මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලදට බාධා ඇතිවූ බව සඳහන්.
මේ අතර දෙහිවල, අම්බලන්ගොඩ, තෙල්වත්ත ප්‍රදේශවලත් මුහුදු රළ ගොඩගසා තිබූ අතර ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද මේ හේතුවෙන් බාධා පැමිණ තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම මත බස්නාහිර හා දකුණු මුහුද ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවය.

  වීඩියෝ මෙතනින් නරඹන්න.

 


Post a Comment

0 Comments