ශ්‍රී දළදා මාලිගාව - Temple of the Sacred Tooth Relic

ශ්‍රී දළදා මාලිගාව - Temple of the Sacred Tooth Relic


ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමානයේදී දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.



ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාළය රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත.

එය ද ලන්දේසිහු දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක‍්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැඳුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක‍්‍රි. ව. 1707-1739) වර්තමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදි කර ඇත. ඉන්පසු සෙංකඩගල රාජ්‍යත්වයට පත් නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු ද ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු විසින් කර වූ ශ‍්‍රී‍ දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළහ. කීර්ති ශ‍්‍රී රාජසිංහ මහ රජු මෙම දළදා මාලිගාව වර්ථමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනාව ප‍්‍රතිසංස්කරණය කර ඇත. අටාස‍්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්තිරිප්පුව තනවා ඇත්තේ ක‍්‍රි. ව. 1798-1815 අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසිනි.




මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව. 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. යස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. 

වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව.1469-1511) රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්දෙමහල් පොහොය ගෙයක්සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජුජයවීර (ක්‍රි.ව.1511-1552), කරලියද්ද බණ්ඩාර (ක්‍රි.ව1552-1582) පළමු විමලධර්මසූරිය (ක්‍රි.ව.1590-1604) සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1798-1815) දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍රමූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.




දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.




දළදා මාලිගයේ ගොඩනැගිලි ලෙස වැඩසිටින මාලිගය,අලුත් මාලිගය හා පත්තිරිප්පුව හැදින්විය හැකිය. දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස සතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රී නාථ, ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි. සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත. ඒවා නම්, අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසල මංගල්‍යය, කාර්තික මංගල්‍යය ලෙස හැදින්විය හැකිය.




ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකී. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත‍්‍රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ‍්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණඋඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.

 

Post a Comment

2 Comments