නාඩගම්
ශෛලිය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ මුහුදු බඩ ප්‍රදේශවලයි.
වෙන්නප්පුව, හලාවත, මීගමුව,
හික්කඩුව, තංගල්ල, බලපිටිය ආදී ප්‍රදේශ මේ සඳහා නිදසුන් වේ. ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් ලෙස
නාඩගම් කලාව යොදා ගෙන ඇත.මීගමුවේ දූව යන ග්‍රාමය නාඩගම් කලාව සඳහා ප්‍රසිද්ධියට
පත්ව ඇත. දකුණු ඉන්දීය හෙවත් කර්ණාටක තෙරුක්කුත්තු නම් වීදි නාට්‍ය
ගී තනුව ආභාෂයෙන් ශ්‍රී ලංකාවේ නාඩගම් සඳහා ආභාශය ලැබී ඇත. එමෙන්ම සමහර ගී තනු තුළ
කතෝලික කන්තාරු ගීත වල ආභාශය දක්නට ලැබේ.
පැරණිම මුද්‍රිත නාඩගම් පෙළ "ස්ථාක්ති නාඩගම" යැයි පිළිගැනේ. මෙය වු කලී දෙමළ නාටකයක සිංහල අනුවාදයක් බව ප්‍රාරම්භ කවියෙහි කිය වේ. "බැලසත්ත නාඩගම" වු කලි ප්‍රංකර දේශයේ පෙපැයින් නම් වු රජුගේ සහෝදරිය වන බැලසන්ත කුමරිය පිළිබඳ කතා පුවත ඇසුරු කොට ගෙන රචනා කරන ලද්දකි. "බ්‍රම්පොර්ඩ්" නාඩගමෙහි ඇත්තේ වොලිලන්ඩ් නම් සිටු පුත්‍රයාගේ කතා පුවතයි. "සෙලෙස්තිනා" නාඩගමද විදේශික කතාවක් ඇසුරින් රචිතය. කතෝලික නොවන නාඩගම් ලෙස "දිනතර" නාඩගම හා "කාපිරි" නාඩගම සැළකේ.
ශ්‍රී
ලංකාවේ වේදිකාගත කළ මුල්ම නාඩගම පන්නේ
"හරිශ්චන්ද්‍ර" නාඩගමයි. මෙම නාඩගමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ
"අලගුනායිදු" නම් ද්‍රවිඩ කර්ණාටක සංගීතඥාය. මෙය ද්‍රවිඩ භාෂාවෙන්ම
රඟදක්වන ලදි. ප්‍රථම
වරට සිංහල නාඩගමක් නිෂ්පාදනය කර රඟ දැක්වීමේ ගෞරවයට පාත්‍රවන්නේ පිලිප්පු සිඤ්ඤෝ
නම් කලාකරුවා යි. එම නාඩගම "ඇහැලේපොළ" නමින් වේදිකාගත විය. ඊට පසු කාලයේ, චාල්ස් සිල්වා ගුණසිංහ කලාකරුවා විසින් වෙස්සන්තර, විධුර, දික්තල කාලගෝල යන නාඩගම් නිෂ්පාදනය කරන
ලද අතර ඒවා ඒවා ද රසික ජනතාව අතර බොහෝ ප්‍රසිද්ධියට පත්වූ නාඩගම් අතර විය.
නාඩගම් සඳහා
මද්දල දෙකක් වාදනය කරයි. එක් මද්දලයකින් අඩු තාලද අනිත් මද්දලයෙන් වැඩි තාලද වාදනය
කරයි. නාඩගම් වල ඇති චරිත අතර පොතේගුරු, බහුබූතයා, සෙල්ලම් ළමා වැනි චරිත කතා වස්තුවේ
චරිත වලට අමතරව වැඩි අවධානයක් ගන්නා චරිත වේ. පොතේ ගුරු
විසින් නාඩගම් චරිත ප්රේෂකයාට හදුන්වා දෙන ලදී.නාඩගම් වල
දර්ශනය නෙවන අවස්ථා කවියෙන් ඉදිරිපත් කිරීම ඔහු අතින් සිදුවිය.නාඩගම් බැලීමට එන ප්රේෂකයන් සතුටු කරවමින් තබා ගැනීම සෙල්ලම් ළමා සතුය.
නාඩගම් රඟ දක්වන ස්ථානය කරළිය නමින් හදුන්වන අතර එය වැලි හා පස් මිශ්ර කර අර්ධකවාකාරව උස්ව සකසන ලද රංග භූමියකි. එකල නාඩගම් දින 7ක් පුරාවට පවත්වා ඇත. ගැහැණු චරිත පිරිමින් විසින් රඟපෑම හේතුවෙන් මෙහි ස්වාභාවික චරිත නිරූපණයක් නොවීය.සෑම චරිතයක්ම ගමන් තාලයකින් වේදිකාවට පැමිණීම විශේෂ ලක්ෂණයකි. නාඩගම් වල දෙබස් ගීත ස්වරයෙන්ම කීම නාඩගම්වල තවත් සුවිශේෂී ලක්ෂණයකි. මෑත කාලයේ දී නාඩගම් නාට්‍ය ශෛලිය සඳහා මද්දල් පෙර දෙකට අමතරව සර්පිනා වයලීන් සහ බටනළාව ද සහාය වාද වාදනය සඳහා එකතු කර ගන්නා ලදී.


මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පැරණි
නාඩගම් අනුසාරයෙන් මනමේ සහ සිංහබාහු යන වේදිකා නාට්‍ය නිපදවා නිපදවූ අතර ඒවායෙහි
නාඩගම් ඡායාවන් බොහෝසෙයින් දැකගත හැකි වේ. පොදුවේ බලන කල නාඩගම් බසෙහි කිසියම් කාව්‍යමය මුහුණුවරක්ද අනුප්‍රාසාදියෙන්
යුක්ත වු මඳක් ප්‍රශස්ති කාව්‍ය රීතියට සමාන වු රචනා ශෛලියක්ද ඇති බව පෙනේ.
0 Comments