නූර්ති නාට්‍ය සම්ප්‍රදාය - Nurthi


නූර්ති බිහි වන්නේ නාඩගම් කලාවේ පිරිහීමත් සමකාලීනව සමාඡ පරිසරයේ ඇතිවන වෙනස්කම්ද පාදක වීමෙනි. 1850 පසු මෙරට පාලන භාෂාව ඉංග්‍රීසි වීමත් ,ඉංශ්‍රීසි පාසල් වලට සමාන පාසල් මෙරට ස්ථාපිත වීමත්ඉංග්‍රීසි පාලන නිළධාරීන් හා ඔවුන්ගේ හමුදා පිරිස ව්‍යාප්ත වී තිබීමත් යන කැරණු නිසා මෙම පිරිස් වල ආශ්වාදය උදෙසා විවිධ විදෙස් රටවල නාට්‍ය සර්කස් සංගීත කණ්ඩායම් වරින්වර මෙරටට ගෙන් වීම සිදුවිය. 1877 දී බලිවාලා නම් පාර්සි ඡාතික සංගීතඥයා ඇතුළු එල්පින්ස්ටන් ඩ්‍රැමටික් කම්පැනි නම් වූ කණ්ඩායම එලෙස මෙරටට පැමිණි නාට්‍ය කණ්ඩායම් වලින් ඉදිරියට ගිය අතර අපේ රටේ පැවති එවකට රසිකයා වඩා ආකර්ෂණයට පත් කල නාට්‍ය කණ්ඩායමද විය. මෙම තත්ත්වය මත 1870 සිට පිරිහෙමින් තිබූ නාඩගම් සම්ප්‍රධායත් ඉංග්‍රීසි යුගයේ ඇති වූ ආර්ථික සමාඡික හා සංස්කෘතික වෙනස්කම් වලට ගැලපෙන උචිත නාට්‍ය ක්‍රමයක් සකස් කර ගැනීමේ සමාඡ අවශ්‍යතාවක් උදා වී තිබුණි.

නාඩගම් නාට්‍ය ශෛලියෙහි ආභාෂයෙන් නූර්ති ශෛලය විකාශනය විය. නාඩගම් වල විකාශනයට අලගුනායිදු නම් දකුණු ඉන්දීය නාඩගම් ශිල්පියා මූලික වූ අතර, නූර්තියෙහි  විකාශනය සඳහා කේ.එම්. බලිවාලා නම් පර්සියානු නාට්‍ය ශිල්පියා ප්‍රධාන වී ඇත. 1880 දී ඉන්දීය (හින්දුස්ථානි) සංගීත නාට්‍ය සංගමයක් වූ බොම්බායේ එල්ෆිනිස්ටන් නාට්‍ය සමාගමේ කලාකරුවන් පිරිසක් ලංකාවට පැමිණි අතර, ඔවුහු තම නාට්‍ය මෙහි රඟ දැක්වූහ. නාඩගම් සංගීතයට වඩා හින්දුස්ථානි රාගධාරී සංගීතයෙන් පිරි නාට්‍ය  දුටු ජනතාව එම සංගීතයෙන් ඇලළී යන අතර නූර්ති වඩා ජනතාවට සමීප වන ලදී. බලිවාලාගේ නූර්තිවල නවතාවයත් එනම්, වේදිකා පරිපාලනය,ආලෝකකරණය,පසුබිම් සැකසීම,සංගීතය ආදි නාට්‍ය උපාය මාර්ග ක්‍රම සිත් අලවන,නෙතට ප්‍රිය දසුන් විය.ජීවමාන ගුණයෙන් පරිපූර්ණ වේදිකා සැරසිලි එහි නොඅඩුව ගැබ්ව තිබුණි.මේ නාට්‍ය උපාය විධි ක්‍රම පිලිබද නිරන්තර සූක්ෂම,තීක්ෂණ බුද්ධියෙන් ග්‍රහණය කර ගත් එක්තරා නූර්ති ලෝලී තරුණ කලාකරුවකු විය.

1880 දී පමණ ලංකාවට පැමිණි එල්පින්ස්ටන් නමින් හැදින්වූ හින්දුස්තානී නාට්‍ය කණ්ඩායමක ආගමනයෙන් පසු නාඩගම් කලාවේ ආධිපත්‍යය ටිකෙන් ටික බිඳ වැටෙන්නට විය.බොම්බායේ එල්පින්ස්ටන් නාට්‍ය සමාගමේ කලාකරුවන් අතර එහි අධ්‍යක්ෂ ධූරය හෙබවූ කේ.බලිවාලා නම් ශිල්පියා තම පිරිස සමග නූර්ති කලාව ප්‍රථම වරට ලංකාවේ රග දක්වන ලදී.නූර්ති ශෛලිය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තා සේම ඒවා සමාන අන්තරයකින් නාඩගම් කලාවේ බිඳ වැටීමද සිදු විය. 1852 දී වර්ෂයේ දී දෙහිවල උපන් සී දොන් බස්තියන් නම් තැනැත්තා බලිවාලා ගේ නාට්‍ය නරඹා, එම සංගීත ක්‍රම, තනු සහ නාට්‍ය උපකරණ ආදිය පිළිබඳ උපායන්ගෙන් දැනගැනීමට තරම් දක්ෂයෙක් විය.

පර්සියානු නාට්‍ය කණ්ඩායම තම සංචාරය නිමා කොට ආපසු තම මව් රට බලා ගිය අතර ටික කලකින් ද බස්තියන් මහතා තම මුල්ම නාට්‍ය කෘතිය වන "රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම" නාට්‍ය එළි දක්වන ලදී. එය අතිසාර්ථක වූ අතර සිංහල නූර්ති කලාවේ පුරෝගාමියා ලෙස සී දොන් බස්තියන් පිළිගනු ලැබීය. මේ යුගයේ සී.දොන් බස්තියන් නූර්ති ශිල්පියා හැරුණු විට ඩබ්.සී.පෙරේරා,සයිමන් ද සිල්වා,ජෝසප් ද සිල්වා යන අය ද එවකට වූ ජනප්‍රියත්වයක් ඉසිලූ නූර්ති රචකයෝ වෙති.බෙන්තොට ඇල්බට් ද සිල්වා,ජෝන් පෙරේරා,ඩී.එස්.අභයරත්න,ජෝසප් ඇන්ඩෘ පෙරේරා,ජේමිස් පීරිස්,ජෝන් ලුවිස් පීරිස්,මීගමුවේ පේදුරු පීරිස්,ඊ.ඒ.තෙපානිස් පෙරේරා ද ඔවුන්ගේ සමකාලීන නූර්ති රචකයෝ වූහ.

1900 ගණන්වල මෙම නූර්ති කලාව නීතිඥ ජෝන් ද සිල්වා විසින් වෙනස්ම මගකට යොමු කරන ලදි.ජෝන් ද සිල්වාගේ මුල්ම කෘතිය වූ 'සිරිසගබෝ චරිතය' නුර්තිය වේදිකා ගතකරන ලදි.ජෝන් ද සිල්වාගේ ඊලග නිර්මාණය වූයේ 'ශ්‍රී වික්‍රම රාජසිංහ' නූර්තියයි.එය ප්‍රේක්ෂක මනදොළ පිනවු නිර්මාණයක් වූ අතර රාමායණය, රත්නාවලී, සකුන්තලා,වෙස්සන්තර ජාතක දෘශ්‍ය කාව්‍ය,දුටුගැමුණු ආදි නිර්මාණ ජෝන් ද සිල්වා මහතාගේ නිර්මාණ අතර වූ ඉතා ජනප්‍රිය වූ නූර්ති වේ.




ටවර් හෝල් යුගයේ දී ජෝන් ද සිල්වා නාමය සමගම තවත් කීර්තිමත් නමක් නූර්ති තුල බිහි විය.ඒ චාල්ස් දියෙස් නම් නූර්ති රචකයාගේ අවතීර්ණයයි.ඔහුගේ නිර්මාණද ප්‍රේක්ෂකයන්ගේ සිත් වශීකෘත කළ නිර්මාණ වෙති.ඒ අතර පද්මාවති,විජය,විධුර, ඔතෑලෝ,භූරිදත්ත,හේමමාලි,සිවම්මා ධනපාල ආදි නෘත්‍ය චාල්ස් දියෙස් ශූරින්ගේ ඉතා ජනප්‍රිය වූ නිර්මාණ වෙති.

ගී රසය අතින් අතිශයින්ම කන්කළු උවද නූර්ති සංගීතය නාඩගම් සංගීතය තරම් නාට්‍යෝචිත නොවේ. "නූර්ති සංගීතය නාට්‍ය කලාව කෙරෙහි ආරෝපණය කරන ලද්දකි. එය බොහෝවිට නාට්‍ය රසය වෙනුවට නාට්‍ය සිරුරට පළදන ලද භාහිර ආභරණයක් සේ පැවතුනක් මිස , මුඛ්‍ය වූ නාට්‍ය රසයක් උද්දීපනය කරනු පිණිස යොදන ලද්දක් නොවේ. නූර්තිය නරඔන්නට ගිය ප්‍රේක්ෂකයින්ගේ සිත් ගත්තේ නූර්තිය බලා ආපසු ගියවිට ඔවුන්ගේ සිහියෙහි රදා තිබුනේ නාට්‍යමය අවස්ථාවන් නොව නළුවෙක් හෝ නළියක් ගැයූ ගීතයකි. මුල් කාලයේදී නූර්ති සංගීතය සපයනු ලැබුවේ රව්කිඤ්ඤ හා ඩෝල් වලිනි. ඇතැම්විට තාලම්පට හා ලෝහමය ත්‍රිකෝණයක්ද තාල තැබීමට පරිහරණයට ගන්නා ලදි. තියටර් යුගයෙහිදී ප්‍රධාන තූර්ය භාණ්ඩය සර්පිනාවයි. ඩෝලය වෙනුවට තබ්ලාව භාවිතා කෙරුණි.

 

Post a Comment

0 Comments